මං ගැන බොරු ලියන්න එපා
රාණි මුඛර්ජි
පසුගිය කාලය පුරාම සුරූපී නිළි රාණි මුඛර්ජි ගැන නොයෙකුත් කතා දස අත පැතිරී ගියා.
ඇය ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු වන ආදිත්‍ය චොප්රා සමඟ අනියම් හාදකමක් පවත්වන බවට වූ කතාවට තමයි මුල් තැනක් ලැබුණේ.
එක් අවස්ථාවකදී බොලිවුඩ් පුරයෙන් පැවසුණේ ආදිත්‍ය සහ රාණි නිත්‍යානුකූලව විවාහ ගිවිසගෙන ඇති බවයි.
එහි ඇත්ත නැත්ත හෙළි නොවුණත් විවාහකයකු වූ ආදිත්‍ය මේ වනවිට තම බිරිඳගෙන් වෙන්වී සිටින බව නම් සත්‍යයක්. ආදිත්‍යගේ විවාහ දිවිය බිඳ වැටුණේ රාණි නිසා ය කියලයි සමහරු පවසන්නේ.
නමුත් රාණි නම් මේ ආරංචි තරයේ ම ප්‍රතික්ෂේප කරනවා. දැනට 31 වැනි වියෙහි පසුවන ඇය පවසන්නේ තවමත් අවිවාහකව සිටින තමන් තුළ ළඟදීම විවාහවීමේ අදහසක් ද නැති බවයි.
“පත්තර, සඟරාවලින් තමයි මගේ විවාහය ගැන අනාවැකි කියල තිබුණේ පසුගිය අවුරුදු තුනේ දීම මේ අය කීප වතාවක් ම මාව බන්දල දෙන්න හැදුවා. නමුත් ඒ කවදාද කියල නම් කිව්වේ නෑ.
මේ අය නිතරම කිව්වෙ මම ආදිත්‍ය චොප්රාත් එක්ක සම්බන්ධකමක් පවත්වනවා කියලයි. ඒක ලොකු බොරුවක්. ආදිත්‍ය මගේ හිතවත් මිත්‍රයෙක් විතරයි.රාණි කටකතාවලට උත්තර දුන්නා.
ඇය ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කරන චිත්‍රපටවලම රඟපෑමට වැඩි කැමැත්තක් දක්වන බව සමහරු පවසනවා.
ආදිත්‍ය චොප්රාගේ චිත්‍රපටවලම රඟපෑමෙහි කිසිම විශේෂත්වයක් නැහැ කියලයි රාණි කියා සිටින්නේ. “මට හොඳ චරිතයක් ලැබුණොත් ඕනෑම කෙනකුගෙ චිත්‍රපටයක රඟපානවා.
මට ලැබෙන තිර නාටකවල මට ගැළපෙන අභියෝගාත්මක චරිතයක් නැති නිසයි ගොඩක් වෙලාවට සමහර චිත්‍රපට තෝරාගන්නෙ නැත්තෙ” රාණි පැවසුවා.
ඇය රඟපෑ අලුත් ම චිත්‍රපටය දිල් බෝලේ හාදිප්පා’ ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් රැසක ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.
http://www.neobux.com/?rh=6572616E646170
ReplyDelete